d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
ගාල්ල බලපිටිය ප්රාදේශීය සභාවේ හීනටිය
දකුණ ග්රාම නිලධාරී වසමට අයත් පුද්ගලික ඉඩමක දැනට වසර ගණනාවක සිට බලපිටිය
කොට්ටාශයේ නිවෙස් වලින් බැහැර කරන කැලි කසළ නිසි කළමනාකාරීත්වයකින් තොරව ගොඩගැසීම
නිසා දැනට විශාල වපසරියකින් යුත් කසල කන්දක් නිර්මාණය වී ඇත. මේ නිසා හීනටිය
මහකරාව ආඳා දොළ යන ප්රදේශවල විටින් විට අධික දුර්ගන්ධයක් පැතිරී යන අතර මෙයින් ප්රදේශවාසීන්
ඉතා අපහසුතාවයට පත්ව ඇත. මෙය මෙම ප්රදේශවාසීන්හට මෙය සමාජීය මෙන්ම විශාල සෞඛ්ය
ගැටළුවක් වී ඇති බව ප්රදේශවාසීන් විසින් චෝදනා කරනු ලබයි.
මේ පිලිබඳ විවිධ ආයතන වලින් විමසීම්
කෙරුවත් ඒ සඳහා නිසි පිළිතුරක් ලබා ගැනීමට ඔවුනට නොහැකිවිය. මේ අතරතුරේදී තොරතුරැ
දැනගැනීමේ පනත පිලිබඳ දැනුවත් වූ ප්රදේශවාසියෙකු වන රනුක හර්ෂණ විසින් බලපිටිය ප්රාදේශීය
සභාවට මේ පිලිබඳ විමසා තොරතුරු අයදුම්පතක් යොමු කරන්නට විය. සතිකීපයක් ගත වෙද්දී
යොමු කරන ලද තොරතුරු අයදුම්පත් සඳහා පිළිතුරු පතක් අදාළ තොරතුරු නිලධාරියා විසින්
හර්ෂණ වෙත යොමු කොට තිබිණි.
මෙහිදී මෙම කසල ප්රශ්ණය සඳහා විසදුම්
ලෙස මේ වන විට බැකෝ යන්ත්ර ආධාරයෙන් මසකට වරක් පස් යොදා වසා දැමීමට සහ සෞඛ්ය
ගැටළු මඟ හරවා ගැනීමට නිරනත්රයෙන් දුමයනය සිදු කරන බව පිළිතුරු ලෙස දන්වා ඇත. දැනට
මෙම කසළ බැහැර කිරීමට රජය සතු ඉඩමක් නොමැති බැවින් ඉදිරිකාලයේදී වෙනත් ඉඩමක් ප්රාදේශීය
සභාව වෙත පවරා ගැනීමෙන් පසුව මෙම කසළ අංගනය එම ස්ථනයට ගෙන ගොස් කසළ කළමනාකරණ ව්යාපෘතියක්
ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව 2018.12.19 දිනට අදාළ අංක බල
/ප්රා.ස/16/ /51/2018 දරණ ලිපිය යටතේ බලපිටිය ප්රාදේශීය
සභාවේ ලේකම් මගින් දන්වා ඇත.
කෙසේ නමුත් මේ වන විට කසළ අංගනයට පස්
තට්ටු යොදමින් දුමායානය සිදු කරනු ලැබුවත් කසළ කළමනාකරණය ව්යාපෘතිය ආරම්භ කිරීමට
යෝජිත ඉඩම් පිළිබඳව නිශ්චිත වාර්තාවක් ඉදිරිපත් කර නොමැති හෙයින් ඒ පිලිබඳ
ගම්වාසීන් ඉතා විමසිලිමත්ව සිටි.
මේ නිසා ඔවුන් නැවතත් මේ ගැන විමසා
තොරතුරු දැනගැනීමේ පනත යටතේ නැවත වරක් බලපිටිය ප්රාදේශීය සභාව වෙත ලිපියක්
ඉදිරිපත් කර ඇත. මේ සඳහා කඩිනම් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ගම්වාසීන් බලා සිටි.
කෙසේ නමුත් තොරතුරු පනත නිසාවෙන් මේ ගැටලුවට තාවකාලික විසදුමක් හෝ ලැබුණු බව
ගම්වාසීන්ගේ විශ්වාසයයි.