මේ පනතේ පද සම්බන්ධයෙන් අන්යාර්ථයක් අවශ්ය වුවහොත්මිස-
“පුරවැසියා ̃ යන්නට, යම් ව්යවස්ථාපිත වූ හෝ ව්යවස්ථාපිත නොවූමණ්ඩලයක සාමාජිකයන්ගෙන් හතරෙන් තුනකට නොඅඩුසංඛ්යාවක් පුරවැසියන් වන්නේ නම්, එවැනි මණ්ඩලයක්ඇතුළත් වේ;
“නම් කළ නිලධරයා ̃ යන්නෙන්, මෙම පනතේ 23 වන වගන්තියයටතේ පත් කරනු ලැබ ඇති අභියාචන විභාග කිරීමේනිලධරයකු අදහස් වේ;
“උසස් අධ්යාපන ආයතනය ̃ යන්නෙන්, 1978 අංක 16 දරන විශ්වවිද්යාල පනත මගින් පිහිටුවන ලද හෝ පිහිටුවන ලදැයිසලකන හෝ ඇති කරන ලද හෝ විශ්වවිද්යාල ප්රතිපාදනකොමිෂන් සභාව විසින් පිළිගනු ලැබූ හෝ වෙනත් යම්පනතක විධිවිධාන යටතේ පිහිටුවන ලද විශ්වවිද්යාලයක්,මණ්ඩපයක් හෝ විශ්වවිද්යාලයීය විද්යායතනයක් අදහස්වේ;
“තොරතුරු ̃ යන්නට, පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපයහෝ ස්වභාවය නොසලකා, සටහන්, ලේඛන, සංදේශ, විද්යුත්තැපැල්, මත, උපදේශ, මාධ්ය නිවේදන, චක්රලේඛ, නියම,ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප්රවෘත්ති පත්ර, සාම්පල්,ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති කෙටුම්පත්, පොත්,පිඹුරු, සිතියම්, චිත්ර, රූපසටහන්, රූපමය හෝ ප්රස්තාරමයවැඩ හෝ ඡායාරූප, සේයාපට, ක්ෂුද්ර සේයාපට, ශබ්ද පටිගතකිරීම්, වීඩියෝ පට, යන්ත්ර මගින් කියවිය හැකි වාර්තා,පරිගණක වාර්තා සහ වෙනත් ලේඛනගත ද්රව්ය, ඇතුළු යම්ආකාරයකින් ලේඛනගත කරන ද්රව්ය සහ ඒවායේ යම් පිටපත්ඇතුළත් වේ;
“තොරතුරු නිලධරයා ̃ යන්නෙන්, මේ පනතේ 23 වන වගන්තියයටතේ පත් කරනු ලබන තොරතුරු සපයන නිලධරයකුඅදහස් වේ;
“පළාත් පාලන ආයතනය ̃ යන්නෙන්, මහා නගර සභාවක්, නගරසභාවක් හෝ ප්රාදේශීය සභාවක් අදහස් වන අතර, එවැනියම් සභාවක් මගින් ක්රියාත්මක කරනු ලබන, කරනු ලබනසහ ඉටු කරනු ලබන බලතල, කාර්ය සහ කර්තව්යවලටඅනුරූපි හෝ සමාන බලතල, කාර්ය සහ කර්තව්ය ක්රියාත්මකකිරීම, කිරීම සහ ඉටු කිරීම සඳහා යම් නීතියක් යටතේ ඇතිකරනු ලබන හෝ පිහිටුවනු ලබන යම් අධිකාරියක් ද අදහස්වේ;
“රාජ්ය නොවන සංවිධාන ̃ යන්නෙන්, ස්වේච්ඡා පදනම මත පුද්ගලකණ්ඩායමක් විසින් ඇතිකරන ලද, රජයෙන් හෝ ජාත්යන්තරසංවිධානවලින් සෘජුව හෝ වක්රව අරමුදල් ලැබෙන, රාජ්යනොවන ආකාරයේ සංවිධාන අදහස් වේ;
“පොදු අධිකාරිය ̃යන්නෙන් -
-
ආණ්ඩුවේ අමාත්යාංශයක්;
- “රාජ්ය නොවන සංවිධාන ̃ යන්නෙන්, ස්වේච්ඡා පදනම මත පුද්ගලකණ්ඩායමක් විසින් ඇතිකරන ලද, රජයෙන් හෝ ජාත්යන්තරසංවිධානවලින් සෘජුව හෝ වක්රව අරමුදල් ලැබෙන, රාජ්යනොවන ආකාරයේ සංවිධාන අදහස් වේ;
- ආණ්ඩුක්රම ව්යවස්ථාව හෝ (ඉ) ඡේදය යටතේ නිශ්චිතවදක්වා ඇති ප්රමාණයට හැර 2007 අංක 7 දරන සමාගම්පනත හැර යම් ලිඛිත නීතියක්, හෝ පළාත් සභාවකප්රඥප්තියක් මගින් හෝ යටතේ පිහිටුවන ලද යම් මණ්ඩලයක්හෝ කාර්යාලයක්;
- ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්;
- සිය කොටස්වලින් සියයට විසිපහක් හෝ ඉන් වැඩි ප්රමාණයක්හෝ අන්යාකාරයකින් පාලන අයිතියක් ඇති රජය හෝ රාජ්යසංස්ථාවක් හෝ රජය සහ රාජ්ය සංස්ථාවක් එකතුව දරනුලබන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගතකරන ලද සමාගමක්;
-
පළාත් පාලන ආයතනයක්;
- ආණ්ඩුව හෝ එහි නියෝජ්යායතනයක හෝ පළාත් පාලනආයතනයක කොන්ත්රාත්තුවක්, හවුල් ව්යාපාරයක්, ගිවිසුමක්හෝ බලපත්රයක් යටතේ ව්යවස්ථාපිත හෝ පොදු කර්තව්යයක්ඉටුකරන එහෙත් ඒ ව්යවස්ථාපිත හෝ පොදු කර්තව්යයන්ගෙන්හෝ පොදු සේවාවන්ගෙන් ආවරණය වූ ක්රියාකාරකම්ප්රමාණයකට පමණක් සීමා වූ පෞද්ගලික හිමිකාරීත්වයක්හෝ සංවිධානයක්;
- පළාත් සභාවක් විසින් පිහිටුවන ලද හෝ ඇති කරන ලද යම්දෙපාර්තමේන්තුවක් හෝ වෙනත් අධිකාරියක් හෝආයතනයක්;
- මහජනතාව වෙත සේවයක් ලබාදෙනු ලබන සහ ඉල්ලාසිටින ලද තොරතුරු මහජනතාව වෙත ලබාදෙනු ලබනසේවයට අදාළ වනතාක් දුරට ආණ්ඩුව හෝ යම්දෙපාර්තමේන්තුවක් හෝ පළාත් සභාවක් මගින් පිහිටුවනලද හෝ ඇතිකරන ලද වෙනත් අධිකාරියක් හෝ විදේශීයආණ්ඩුවක් හෝ ජාත්යන්තර සංවිධානයක් මගින් සැලකියයුතු ප්රමාණයේ අරමුදල් සපයනු ලබන රාජ්ය නොවනසංවිධාන;
- යම් ලිඛිත නීතියක් යටතේ පිහිටුවනු ලබන, හඳුනාගනු ලබනහෝ බලපත්රයක් ලබා දෙනු ලබන හෝ රජය මගින් හෝරාජ්ය සංස්ථාවක් මගින් හෝ පළාත් සභා ප්රඥප්තියක් යටතේපිහිටුවනු ලබන හා ඇති කරනු ලබන යම් ව්යවස්ථාපිතමණ්ඩලයක් මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්මුල්යාධාර සපයන පෞද්ගලික විශ්වවිද්යාල සහ වෘත්තීයආයතන ඇතුළු උසස් අධ්යාපන ආයතන;
- යම් ලිඛිත නීතියක් යටතේ පිහිටුවනු ලබන, පිළිගනු ලබනහෝ බලපත්රයක් ලබා දෙනු ලබන හෝ රජය මගින් හෝරාජ්ය සංස්ථාවක් මගින් හෝ පළාත් සභා ප්රඥප්තියක් යටතේපිහිටුවනු ලබන හා ඇති කරනු ලබන යම් ව්යවස්ථාපිතමණ්ඩලයක් මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්මුල්යාධාර සපයන වෘත්තීය හෝ කාර්මික අධ්යාපනය ලබාදෙන ආයතන ඇතුළු පුද්ගලික අධ්යාපන ආයතන;
- යුක්තිය පසිඳලීම සඳහා ඇති කොට පිහිටුවන ලද අධිකරණ,විනිශ්චය අධිකරණ හා ආයතන,